" ........සිංහලයෝ වනාහී දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති. භාග්‍යය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කථා ඇති අතර ආදරශීලී මනුෂ්‍යයෝය. සිංහලයාගේ ගුණධර්ම සැකෙවින් වර්ණනා කරතොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමද උදාරය.
යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥාණයක් සිංහලයන්ට ඇත. ඔවුහු ස්වභාවයෙන්ම මස් කෑමත්, මත්පැන් බීමත් අප්‍රිය කරති. ඔවුහු කිපෙන සුලු නොවෙති. කෝපයක් ඇති වුවත් වහා සංසිඳුවාගෙන සමගි වෙති. සිංහලයො ඇඳුමෙන් පිරිසිදුය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති. වැඩි වේලා නොනිදති.
සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතය. ගමන ඉතා සංවරය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමේ ඉතා දක්ෂය. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින්ම විශ්වාස කරති. සිංහල ස්වාමිදුව මහේශාක්‍ය වුවත්, දැසි දස්සන් සිටියත් සියතින්ම සිය කටයුතු කෙරෙති.
සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණවැල් අතින් ගෙන නිතර භාවනාවේ යෙදෙති. හොරකම් අතිශයින්ම පිළිකුල් කොට සළකති. කිසිම සිංහලයෙකු කවරදාවත් හොරකම් කළ බවක් මම නොදනිමි. සිංහලයෝ කරුණා කරති. පරහට උපකාර කරති. ආගන්තුකයින්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයෝ ළඟ මේ ගුණ ධර්ම ඇති බව මම අත්දැකීමෙන්ම දනිමි. සිංහලයගේ භාෂාවද සිංහල මෙන්ම පොහොසත්ය. එය මටසිලිටු ය. සුමධුර ය. අලංකාරය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයේ එකම හිඟන්නෙක්වත් නැත........"
එදා හෙළදිව: රොබට් නොක්ස්
Saturday, July 24, 2010
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment