Saturday, July 24, 2010

"යෝ භික්ඛවේ,මං උපට්ඨෙ‍යිය,සෝ ගිලානං උපට්ඨෙ‍යිය.."

"යෝ භික්ඛවේ,මං උපට්ඨෙ‍යිය,සෝ ගිලානං උපට්ඨෙ‍යිය.."
Sunday, July 18, 2010 at 6:51pm | Edit Note | Delete
මේ කියන්නට යන්නේ Faculty of Medicine Colombo හො Peradeniya යන තක්සලාවන්ගෙන් බිහිවූ හෝ Fellowship of the Royal College of Surgeons (FRCS) ගත් අපේ කාලයේ වෛද්‍යවරුන් ගැන නොවේ.මුළු ජීවිතයම කැපකොට ජීවිතයේ වටිනාම කාලය ඒ වෘත්තිය තෝරා ගැනීම හේතුවෙන් ඒ වෙනුවෙන්ම කැප කල ඒ සමාජයේ ඉතාම අතලොස්සක් වූ ඒ වීරියවන්ත පින්වන්ත මිනිසුන්ගේ ජීවිත වල වටිනාකම පිළිබඳ මේ සමාජ රටාව තුල ඔවුන්ට විවර නොවූ පැතිකඩක් කෙරෙහි සිතන්නට යමක් මතු කරන්නටයි.



කවුරුන් කෙසේ කීවද ඔබ දශක එක හමාරක් පමණ ආපස්සට ගියොත් ඔබට මතක් වෙයි එකල සමාජ රටාව තුල වෛද්‍ය අධ්‍යාපනයට යොමුවූ පිරිසත් අද වෛද්‍ය අධ්‍යාපනය කෙරෙහි යොමුවන පිරිස එය හදාරන අද ලෝකයේ පසුබිමත් අතර පවතිනා සංකීර්ණ වෙනස්කම්.භෞතික වශයෙන් පමණක් නොව අභ්‍යන්තර හැකියාවන් හා ආකල්ප වලිනුත් මේ දෙපිරිස අහසට පොළොව තරම් බව දන්නෝ දනිති.මේ කාරණය සිහිපත් කිරීම බොහෝ දෙනෙක්ට වැදගත් වෙයි.මන්ද අද මේ බටහිර වෛද්‍ය විදයාවේ ස්වර්ණමය යුගය පසුකරන මේ කෙටි කාලය තුල ලෝකයට අප්‍රමාණ වූ උපකාරයක් කරන්නා වූ පිරිස් අතරින් ඒ දේ අවංකවම කැපවීමෙන් කරන පිරිස් අතරින් ඉහලින්ම සිටින පිරිසක් වන්නේ ඔවුන්ම නිසායි.(මේ කතා කරන්නේ වැඩිහිටි වෛද්‍ය පරපුර ගැන) ඒ ගැන ඔබ කෙසේ සිතනවාද කියා අපි නොදන්නෙමු.එහෙත් තව කෙනෙකුගේ ගුණයක් දකින්නට බැරි තරමටම සිහිය විකෘති වූ ලෝකයක ඒ මිනිසුන් තම්න්ගේ මුළු ජීවිතයම කැපකර කරනා ඒ ජීවිත දානය පිලිබඳ සැබෑ තත්වය සමාජයට දැනෙනවාද යන්න සැකයක්.

ඒ අය ගැන කතාකරන්නට පෙර ඔවුන්ගේ පරපුරේ කිරුළු දැරූ ඉතිහාසයේ තවමත් රැව් පිළිරැව් දෙන ඒ අසිරිමත් වෙදැඳුරානන් ගැන ඒ අසිරිමත් ජීවිතය යලිත් ජීවමාන කරන්නටයි මේ වෑයම.ඔබ වෛද්‍ය වෘත්තියේ වන්නටත් පුළුවන් ,නොවන්නටත් පුළුවන්.සෞඛ්‍ය ක්ශේත්‍රය හා සෘජුවම සම්බන්ධ වූ රැකීයාවක නියුතු කෙනෙක් නොවන්නටත් පුළුවන්.එහෙත් උපන් ඔබටත් අප හැමටත් යම් තාක් උපදිනවාද ඒ තාක් ඒ සියළුම සත්වන්ට උරුම වන රෝගී වීම නැතහොත් කය අසනීප වීම ඒ සියල්ලන්ටම මුහුණ දෙන්නට සිදුවන්නා වූ සනාතන සත්‍යයක්.ජීවිතයේ ගෙවෙන මොහොතක් පාසා අප ලං වන්නේ මරණය වෙත,වයසට යාමෙන් යට කරන ජීවිතයට රෝග පීඩා නොසිතූ නොපැතූ ලෙස වැලඳීම බුදුරජණන් වහන්සේ දේශනා කලේ ගිනිකන්දක් වගේ කියලා.

නමුත් අපේ මුළාව කොපමණද කියලා තමන්ටම තීරණය කරන්නට පුළුවන් කාරණයක් තමයි මොන තරම් ජරා ජීර්ණ වෙලා රෝගී වූ අය දුටුවත් තමන් කොයිතරම් අසනීප වෙලා දුක් වින්දත් මොහොතකින් අපේ සිත නැමෙනවා අපටනම් ලෙඩක් හැදෙන එකක් නෑ.අනතුරක් සිදුවෙන එකක් නෑ.මෙන්න මේ මුලාවට කියෙන්නේ ආරොග්‍යා මදය හා ජීවිත මදය කියලා.ඒ මුලාව තුල ඉන්නකොට හදිස්සියේම ජීවිතයට ලෙඩ දුක් ආවහම ඒ එක්කම ඒ කෙනා එයටත් වඩා සිතින් කඩාගෙන වැටෙනවා .කම්පාවට පත්වෙනවා.අනේ! අපට මේ ලෙඩ දුක් උරුම වෙන්නේ නැති ජීවිතයක් ලැබෙනවා නම් මොනතරම් හොඳද කියලා දුක්වෙනවා.ඒ භාග්යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දේත් අයිති වෙන්නේ කැමති දේ නොලැබීමේ දුකටයි කියලා.සිතිනුත් ගිලන්ව ගතිනුත් ගිලන්වන ඒ මොහොතේදී අසරණ වන සත්වයාට සාමන්‍යලෝකය තුල පිහිටට එන්නේ වෛදයවරයෙක් පමණමයි.ඔවුන්ගේ ගතත් සිතත් සුවපත් කරන්නට පුළුවන් වන්නේ ඒ උතුම් කටයුත්ටේ නිරත වන වෙදැඳුරන්ටම පමණයි.

අන්න ඒ ආකාරයට ගිලන් වූ මිනිසුන්ගේ කය සුවපත් කල වෙදැඳුරන් අතර අදත් හෙටත් අසම සම වන වෙදැදුරාණන් මෙයට වසර 2600 කටත් තරම් ඈත යුගයේ ඉන්දියාවේ රජගහා නුවර උපත ලැබුවා.මේ පින්වත් පුතාගේ මව වූයේ සාලවතී නම් වූ රජගහ නුවර විසූ වෛශ්යාවක්.ඒ වෘත්තියට පැමිණ නොබෝ කලකින්ම ගැබිණි වූ මේ කාන්තාව කල්පනා කලා ගැබිණි වූවෝ පුරුශයන්ට ප්‍රිය නොවෙයි,ඒ නිසා ගැබිණි වූ වග නොදන්වා තමන් ගිලන් වූ වග ලෝකයට මවා පාමින් සිට ඒ ලදරුවා උපන් දවසේම සේවිකාවකට කතාකොට පරණ කුල්ලක ලා කසල ගොඩක දමන්නටයි කියන්නට තරම් වූ ආකාරයටයි මේ ලදරුවාගේ ඉරණම සකස් වුයේ.ඉතින් අද විතරක් නොවේ වසර 2500 කට පෙර පවා දරුවන් කසල ගොඩට දමන මව්වරු සිටියා ,ඒ පිරිහෙන යුගයේ වේගවත්ම අවදියයි අපි මේ පසු කරන්නේ.ඒ පිරිහෙන යුගයේ වේගවත්ම අවදියයි අපි මේ පසු කරන්නේ.

"කම්ම විපාකෝ අචින්තියෝ",කර්ම විපාක සිතා නිම කරන්නට පුළුවන් දෙයක් නොවන් වග පසක් කරමින් කසල ගොඩට වැටුන ලදරුවාගේ පින මතුවූයේ රාජ කුමාරයෙක්ගේ හදවත මේ ලදරුවා කෙරෙහි පිය සෙනෙහසක් ඉපදීම නිසාමයි.තම කුසෙන් වැදූ දරුවා කසල ගොඩකට දමන්නට තරම් සිතම පිරිහුන කල ඒ කසල ගොඩක කවුඩන් කන්නට සැරසෙන දරුවෙක් කෙරෙහි පිය සෙනෙහස ඇතිවන්නට තරම් මිනිස්කමේ තෙදවත් බව රැඳි හිතක්ද ඒ ලෝකය තුලම තිබීම!ලෝකයේ මේ විශමතාවය හැමකල්හීම සකසන්නේ මේ හිතේ වෙනස්කමමයි.

"ඔය කවුඩන් වට කරගෙන සිටින්නේ කුමක්ද?

දේවයන් වහන්ස කසල ගොඩෙ දමා ඇති ලදරුවෙක්.

හනික බලන්න ජීවත්ව සිටිනවාද කියා.

දෙවයන් වහන්ස තාම පණ තියෙනවා.

සගයිනි,ඉක්මනට මාලිගාවට රැගෙන ගොස් දරුවා රැක බලා පෝෂණය කරන්නට අන්තඃපුරයේ කිරිමවුන්ට දෙන්න.

එදා ඒ උතුම් මිනිසත් බව ලොවට පෙන්වූයේ අභයරාජ කුමාරායයි.කසල ගොඩෙ දමා තිබියදී වුවත් මිනිසත් භවයේ රැඳෙන්නට කල පින නොනැසී තිබූ නිසා, ජීවත්ව සිටි හෙයින් "ජීව්ක" වූ ,අභයරාජ කුමාරයා පිය තනතුරේ හුන් හෙයින් "කෝමාරභච්ච" වූ මේ ජීවක කෝමාරභච්ච කුමරුවා ඒ ගුණවත් පියාණන් සෙවෙනේ ගැටවර විය තෙක් සුවසේ වැඩුනි.

ලෝකය හඳුනා ගන්නට හැකි වියට පත්වත්ම තම්න්ගේ හදවතට දැනුන ඒ පැනය අභයරාජ කුමාරය හමුවේ හෙළි කලේය.

දේවයන් වහන්ස,මගේ මව්පියන් ගැන ඔබ දන්නවාද?

පුතේ ජීවක,කුමක්ද මේ අසන්නේ ..නුඹගේ මව් කව්දැයි මා නොදනිමි. එහෙත් පියෙකුගේ සෙනහසේ අඩුවක් නුඹට මගෙන් වූවාද?
නුඹව හදාවඩාගත්තේ මම,ඒ මමම නුඹගේ පියාණන් ලෙස සිතන්න.පුතේ,ඒ ගැන තවත් කරදර වෙන්න එපා .

මොහොතක් ඒ තෙදවත් ගුණ ඇති තමා හැදූ පියාණන් දෙස තමන්ට ජීවිතය දුන් පියා දෙසා බලා සිට එයින් බැහැරට ගිය කෝමාරභච්ච යලි කිසිදිනෙක ඒ පැනය විමසුවේ හෝ මව්පියන් සොයන්නට වෙහෙසුනේ හෝ නැත.

මෙවන් අවස්තාවක මා මේ ලෝකයට උපන්නේ කුමටද කියා සිතෙන බොහෝ දෙනෙක් ඇති ලොව, යම් කාරණයක් වෙනුවෙන්ම සසර පුරාම ඒ අරමුණ වෙනුවෙන්ම දි‍යුණු කල පින තුල , මිනිසත් බව ලබා උපත ලැබූ මේ කෝමාරභච්ච කුමරුවාගේ සිතේ ශ්‍රේෂ්ඨ සිතිවිල්ලක් පහල විය.කමින් බොමින් විනෝදෙන් ජීවිතෙම ගෙවන්නට ඇතිනම් කියා සිතන ලෝකයක් තුල ඒ කුමාරයාට සිතුනේ,

"කුමක්දෝ හේතුවකට මේ පියාණන්ගේ කරුණාව ලැබුනද නිකමෙක් මෙන් තවත් මේ රජ කුලයේ සිටීම මෙසිතට තරම් නොවේ.ජීවත් වෙන්නට සිප් සතර උගත යුතුමයි.මම කවර වූ ආචාර්‍ය කෙනෙකු ඇසුරේ කුමණ ශිල්පයක් ඉගෙන ගන්නෙම්ද?

ඒ ජීවිත තුල ඇති ආරොග්‍යා මදය ,ජීවිත මදය තුල ගෙවෙන ජීවිතය ගැන යළිත් සිතන්නට ......විරාමයක්.


0 comments:

Post a Comment